Friday, November 15, 2024

තේතාවඩි ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීමක් වටලයි

Must read

 

අද බ්‍රහස්පතින්දා (8) කොළඹ සිට පැමිණි භූ විද්‍යා කාර්යාංශයේ පතල් දෙපාර්තමේන්තු නිලධාරීන්ට මන්තා බටහිර ප්‍රාදේශීය ලේකම්වරයාගේ තේතාවඩි ප්‍රදේශයේ දී අනවසරයෙන් වැලි ගොඩදැමීමේ යෙදී සිටි පිරිස හසුවිය.

කොළඹ සිට පැමිණි භූ විද්‍යා පතල් දෙපාර්තමේන්තුවේ සහ මන්නාරම දිස්ත්‍රික් භූ විද්‍යා පතල් කාර්යාංශයේ නිලධාරීන් බ්‍රහස්පතින්දා (8) මාන්ත බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තේතාවඩි ප්‍රදේශයේ වැලි ගොඩදැමීම් ගැන පරීක්ෂාවක් සිදුකරන ලදී. මේ අතරතුර තේතාවඩි ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් සිදුවෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

අනවසරයෙන් කැණීම් කරන ලද පස් අද (8) තේතාවඩි ප්‍රදේශයේ බලපත්‍රලාභී ස්ථානවල ගබඩා කර අලෙවි කරන බව සොයාගෙන තිබේ.

මෙම අවස්ථාවේදී කැනීම් යන්ත්‍ර 10ක් සහ JCP යන්ත්‍ර 3ක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලුපායි ගදව පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි. මේ සියල්ල සඳහා බලපත්‍ර තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගෙන ඇත.තවද වනජීවී දෙපාර්තුමේන්තුවට අයත් සංරක්‍ෂණ ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් සිදුවී ඇති බවට බලධාරීන් විසින් තහවුරු කරගෙන ඇත.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article