Sunday, September 27, 2026
spot_img
spot_img
spot_img
spot_img

තීලිපන්ගේ 39 සැමරුමේ අවසන් දිනයට අතිවිශාල ජනකායක් !

Must read

​දමිල ජන අයිතින් වෙනුවෙන්  මාරාන්තික උපවාසයකින් ජීවිතක්ෂයට පත් වූ  තීලිපන්ගේ  39 වැනි මරණ සංවත්සරයේ අවසාන දිනය පසුගිය සෙනසුරාදා (26) අතිමහත් ජනකායකගේ සහභාගීත්වයෙන් සමරනු ලැබීය.

  • ​මල්මාලා පැළඳවීම: තරුණයින් සහ ජනතාව විසින් නල්ලූර්හි පිහිටි ස්මාරකය වෙත පැමිණ දിലීපන්ගේ ප්‍රතිමාව මල්මාලා පැළඳ ගෞරව දැක්වීම සිදු කරන ලදී.එක් තරුණයෙකු සිය ශරිරය කටුවලින් එල්ලා ⁣ගෙන විත් මල්මාලාවක් තිලිපන්ගේ ස්මාරකයට පැළදවිම විශේෂ සිදුවිමක් විය.
  • ​යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සහභාගීත්වය: යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් නල්ලූර් ස්මාරකය වෙත පෙළපාලියකින් පැමිණ මෙම අවසන් දින සැමරුම් කටයුතු සඳහා එක් වූහ.
  • ​විශේෂ වාහන සහ ප්‍රදේශවාසීන්ගේ පැමිණීම: යාපනයේ අනෙකුත් ප්‍රදේශවලින් සහ කිලිනොච්චියෙන් තිලිපන්ගේ  රුව රැගත් කට්අවුට් සහිත වාහනවලින්  පිරිස් මෙම ස්මාරකය වෙත ළඟා වී තිබිණි.

​දින 11ක් පුරා (සැප්තැම්බර් 15 සිට 26 දක්වා) උතුරු පළාතේ විවිධ සැමරුම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වූ අතර, අවසන් දිනය වන විට ආරක්ෂක අංශවල දැඩි නිරීක්ෂණ මධ්‍යයේ වුවද විශාල පිරිසක් පැමිණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළහ.

​

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article