යාපනය, මණ්ඩතිව් මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස රැගෙන එන ලද විශාල කංසා තොගයක් සමඟ සැකකටයුතු යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ඩතිව් මුහුදු තීරයේ සැකකටයුතු ලෙස යාත්‍රාවක් ගමන් කරන බවට නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
- අත්අඩංගුවට ගත් කංසා තොගය සහ යාත්‍රාව වැඩිදුර නීතිමය පරීක්ෂණ කටයුතු සඳහා උර්කාවතුරෙයි (ஊர்காவற்துறை) පොලිසිය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.



