Monday, September 14, 2026
spot_img

තිලංග මඩට බසි ! රනිල්ට මංගලට එරෙහි මඩ පොස්ටරයක් !

Must read

කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව “මඩ ගැසීමේ” පෝස්ටර් දෙකක් මුද්‍රණය කිරීමට නිකුත්කර ඇති බව වාර්තා වෙයි.

අදාළ පෝස්ටර් දෙක මුද්‍රණය කිරීම සඳහා ඊයේ  (21)  ලබාදී ඇති අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සතු “ලක්බිම” මුද්‍රණාලයටය.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දට එරෙහිව මේ වන විට විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතකර එය මේ වන විටත් හැන්සාඩ් ගතකර තිබේ. නමුත් ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රධානියා වන සිරිසේන ජනාධිපති එය පිළිනොගෙන ඒකාධිපති පාලනයක් ගෙන යමින් සිටියි.

ඒ පසුබිමේ මේ සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙරමුණ ගෙන සිටින පාර්ශවය “මඩ ගසා” අපකීර්තියට පත් කිරීමට බව පැහැදිළිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article