Wednesday, September 23, 2026
spot_img
spot_img
spot_img
spot_img

තලෙයිමන්නාරම මුහුදේදී ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු බෝට්ටු 2ක් සමඟ අත්අඩංගුවට

Must read

 

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සෙනසුරාදා (14) සවස තලෙයිමන්නාරම මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් ඔවුන් ඊයේ (14) සවස ට්‍රෝලර් බෝට්ටුවලින් ශ්‍රී ලංකා මුහුදු සීමාව හරහා ගොස් ධීවර කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 15 දෙනා  සෙනසුරාදා රාත්‍රියේ තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුරට රැගෙන ආ අතර, සියලු ධීවරයින් තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුරේ රඳවා මන්නාරම දිස්ත්‍රික් සමුද්‍රීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදී ඇත.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article