Friday, September 20, 2024

තමන්ගේම දරුවන් සිව්දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්කල පියෙකු අත්අඩංගුව

Must read

තමන්ගේම දරුවන් වන ගැහැණු දරුවන් තිදෙනෙකු හා පිරිමි දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කල පියෙකු අත්අඩංගුවට ගැනීමට කටුගස්තොට පොලීසියේ ළමා හෙ කාන්තා කාර්යංශය කටයුතු කර තිබේ.

මෙම පුද්ගලයා යහලතැන්න ප්‍රදේශයේ පදිංචි, යුධ හමුදාවේ රයිෆල් බලකායට අනුයුක්තව ගෙලිඔය ප්‍රදේශයේ යුද හමුදා කදවුරක සේවය කරන 38 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා විසින් සිය 5 හැවිරිදි, 8 හැවිරිදි, හා 16 හැවිරිදි දියණියන් තිදෙනා හා 12 හැවිරිදි පුත්‍රයා බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කර ඇති අතර සිය ස්වාමිපුරුෂයා සම්බන්දයෙන් ඇති බිය හේතුවෙන් දරුවන්ගේ මවද සිදුවීම් සම්බන්දයෙන් පොලීසියට පැමිණිලි කර නොමැති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article