Sunday, September 22, 2024

ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන වාරිකය අනුමත වෙයි

Must read

3634e60b20636c61895923e90e84129a_L
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගෙන ඇති තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ වන එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4 ක වටිනාකමකින් යුතු තුන්වැනි වාරිකය අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් තීරණය කර තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ අරමුදලේ තෙවන වාරිකය අනුමත වීමත් සමඟම සමස්තයක් ලෙස මේ දක්වා එක්සත් ජනපද ඩොලර් මිලියන 759.9 ක මුදලක් හිමිවනු ඇත.
විස්තීර්ණ ණය පහසුකමෙහි ප්‍රධාන අරමුණු වනුයේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා සහාය වීම වේ.
විස්තීර්ණ ණය පහසුකම අඛණ්ඩව ලැබීම මගින් මැදි කාලීන ආර්ථික වර්ධනය අත්කර ගැනීමට සහ වෙළෙඳපොළ විශ්වාසය ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.
උපුටාගැනීම – https://sinhala.news.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article