දැනට වසර කිහිපයකසිට සිදුකරන ලද රසායනාගාර පරීක්ෂණ වලින් අනතුරුව ඩෙංගු මර්ධනය සදහා බැක්ටීරියාවක් හදුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. එම බැක්ටීරියාව “වොල්බාචියා (wolbachia) ලෙස හැදින්වේ.
බ්‍රසීලය ,කොලොම්බියාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල මෙම බැක්ටීරියාව සාර්ථකව අත්හදා බලා ඇති අතර නියමු ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 25ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය බලාපොරොතතු වෙයි.