Friday, September 25, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජෝශප් පරරාජසිංහම් ඝාතනයේ ප්‍රධාන සැකකරු පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙකුට ඇප

Must read

දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්  අද (24) මඩකලපුවේ මහාධිකරණ විශේෂ විනිසුරු ඩී. සූසයිදාසන් මහතා විසින් ඇප මත මුදා හැර තිබේ.

අද මඩකලපුව මහා අධිකරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සිව් දෙනෙකුගේ ඇප ඉල්ලීම විභාගයට ගැනිණි. ඇප ඉල්ලීම විභාග කළ ශ්‍රේෂ්ඨාාධිකරණයේ විශේෂ විනිසුරු ඩී. සූසයිදාසන් මහතා සියලු දෙනාටම ඇප ලබා දී තිබේ. ඒ අනුව   පළාත් සභාවේ හිටපු සාමාජිකයෙකු වන ප්‍රදීප් මාස්ටර් ලෙස හැඳින්වෙන එඩ්වින් සිල්වා,  ක්‍රිෂ්ණනන්ද රාජා , ගජන් මාමා ලෙස හැදින්වූ   කනකනායගම්   සහ හිටපු හමුදා බුද්ධී අංශ නිලධාරියෙකු වන එම්.කලීල් සහ හිටපු හමුදා සෙබළෙකු වූ  මධූසිංහ (විනෝද්) යන පුද්ගලයන් ද මඩකලපුව මහාධිකරණය විසින් නිදහස් කර තිබේ.

මෙම නඩුවේ වින්දිත පාර්ශවය වන  හිටපු මාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතාගේ බිරිද වෙනුවෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රි  නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටින ලදී. මෙම නඩුව නැවත දෙසැම්බර් 8 වනදා විභාගයට ගැනීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංගම් මහතා  2005 දෙසැම්බර් 25 වන දින මඩකලපුවේ ශාන්ත මරියා දේවස්ථානයේදී  ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2015 දි  පිල්ලෙයාන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රදවා තබන ලදී.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමති වරයා වන අතර තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරයි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සටන්කරුවකු වන පිල්ලෙයාන්, විනයාගමුර්ති මුරලිදරන් සමග 2004 අප්‍රේල් මාසයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් විය.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article