ජාතින තවුහිද් ජමාත් සංවිධානය හා ජමාතෙයි මිල්ලතු ඊබ්රහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්රි ලංකාව තුල තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ශ්රි ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් 2019 අංක 01 දරණ හදිසි අවස්ථා විධිවිධාන හා බලතල නියෝග යටතේ ඇති බලතල ප්රකාරව ජනාධිපතිවරයා විසින් ජාතින තවුහිද් ජමාත් සංවිධානය හා ජමාතෙයි මිල්ලතු ඊබ්රහිම් යන සංවිධාන ශ්රි ලංකාව තුල තහනම් කිරීමට ප්රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල හා චංචල දේපල මෙන්ම ක්රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා.