Sunday, September 22, 2024

ජාත්‍යන්තර විද්‍යා දිනයට සමගාමීව ග්‍රහලෝකාගාරයෙන් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමේ කදවුරක්..

Must read

1846---base_image_4.1424267634

විද්‍යාව මහජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ ආයතනය හා ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හා අනෙකුත් ආයතන එක්වී විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබුණි.

2017 නොවැම්බර් 10 වනදිනට යෙදුන ජාත්‍යන්තර විද්‍යා දිනයට සමගාමීව පැවැත්වෙන් මෙම වැඩටහන් 10 වනදා සිට 17 වනදා දක්වා සතියක කාලයක් ජාතික විද්‍යා සතිය ලෙස ග්‍රහලෝකාගාර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන් අතර ග්‍රහලෝකාගාරය ඊයේ සවස 6 සිට අද උදෑසන 6 දක්වා විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. එ වැඩසටහනේදී රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම හා ඊට අදාල දේශන මාලාවක්ද පැවැත්විණි. එ අවස්ථාව සදහා පාසල් ළමුන්,බාලදක්ෂයන්,නාවික හමුදා නිලධාරීන්,විශ්ව විද්‍යාල වල සිසුන්,වෘතීය පුහුණූ ආයතනවල සිසුන්,මෙන්ම මහජනතාවටද සහභාගීවීමේ අවස්ථාව උදාවී තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article