මම ජනාධිපතිවෙලා හිටියනම් මම මේවගේ දෙයක් කවදාවත් කරන්නේ නෑ යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන උද්ඝෝෂණ රැළිය අමතමින් මිට සුළුවෙලාවකට ඉහතදි පවසා සිටියේය.
මින් කියැවෙන්නේ කුමක්ද ?
තමන් ජනාධිපති නම් කිසිදිනකවත් නොකරන දෙයක් ජනපති සිරිසේන කර ඇතැයි ඔහු සිය කථාව ආරම්භ කරමින් කියා සිටියේය. ඒ මොහොතේ ජනපති සිරිසේනගේ මුහුණ පුංචි වි යන හැටි සමිප රුප මගින් දැකගත හැකිය.
ජනපති සිරිසේනව බලයට ගෙනඑ්මට දැවැන්ත පක්ෂ සන්ධානයක් අවධානම් මැද ක්‍රියාකරමින් ,දැවැන්ත බහුජන ව්‍යාපාරයක් මරණ තර්ජන ඇතුළු දහසකුත් එකක් මර්ධනයන් මැද පෙරට පැමිණ 62 ලක්ෂයක ජනතාවකගේ ඡන්ද බලයෙන් මේ යුගයේ දුර්දාන්තම පාලකයාව නෙරපා යහපාලනය ස්ථාපිත කිරිිමට කටයුතු කළ රාජ්‍ය නායකයෙකුට මෙය කළහැක්කදැයි දැන් විමසා සිටින්නේ 62 ලක්ෂයක් ඡන්දය දුන් ජනතාව පමණක් නොවේ.
අද ඒ පැනය පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ විසින්ද විමසා තිබේ.
රාජපක්ෂ විසින් අද පමණක් මේ ප්‍රශ්ණය විමසා සිටියද මේ රටේ අතිබහුතරයක් ජනයා දිනපතා මේ පැනයම අසමින් ශාප කරනු නොඅනුමානය .
එමෙන්ම ජාත්‍යන්තරය විසින්ද ජනපති සිරිසේන ගැන අහන්නේ මෙවැන්නක් කළ හැක්කේ කෙසේදැයි කියා නොවේද ?
දැන හෝ නොදැන අද දිනයේ මහින්ද රාජපක්ෂ විසින් ජනපති සිරිසේන ගෙන අසා සිටිය යුතුම හැබෑ ප්‍රශ්ණය අසා ඇතැයි බහුතරයක් දෙනා දැන් කියමින් සිටිති.
මේ නිසාම හෘද සාක්ෂියක් ඇත්නම් ජනපති සිරිසේන අද රාත්‍රියේ නිදවර්ජිතව කල්පනා කලයුතුව ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය ගැනය.එහෙත් හෘද සාක්ෂියක් නැති මිනිසෙකුට අතිතයක් හෝ අනාගතයක් පවා තිබිය නොහැක.