ජංගම දුරකථන භාවිතා කරමින් මාර්ගය හරහා මාරුවන පදිකයන් සදහා $200ක දඩ මුදලක් පැණවීම සදහා වන යෝජනාවක් The Pedestrian Council of Australia ආයතනය විසින් සිදුකර ඇතැයි dailymail පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම දඩ මුදල සමස්ථ ඔස්ට්‍රේලියාව පුරාම ක්‍රියාත්මක කල යුතු බවත් එම ආයතනය සදහන් කර සිටියි.
මේ ආකාරයෙන් ජංගම දුරකථන තරය මත බලමින් මාර්ගය හරහා මාරුවන්නන් නිසා ඔවුන් මෙන්ම රියදුරන්ද අනතුරු වලට ලක්වන බවත් එම තත්වය මගහරවා ගැනීමට මෙවැනි චඩමුදලක් ක්‍රියාත්මක කල යුතු බවත් The Pedestrian Council of Australia ආයතනය පෙන්වා දෙයි.
මෙම යෝජනාව සම්බන්දයෙන් ඔස්ට්‍රේලියානුවන් අතර මත දෙකක පවතින අතර අමෙක් මෙය හොදතීරණයක් යැයි පිළිගන්නා අතර ඊට විරුද්ධ පිරිස් පවසන්නේ තමන්ගේ නිදහසේ මාර්ගය හරහා මාරු වීමට පදිකයන්ට ඉඩ දිය යුතු බවයි.