Friday, September 20, 2024

ගුවන්තොටුපලේ සේවය කල හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ්19 වැලදේ

Must read

කටුනායක ගුවන් තොටුපළේ රාජකාරි සඳහා අනුයුක්තව සිටි යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකුට කොවිඩ් 19 ආසාදනයවීම හේතුවෙන්  අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වාර්ථා වෙයි. මෙම නිලධාරීන් දෙදෙනා විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට යොමු කරවීමට කටුනායක ගුවන් තොටුපළේ රාජකාරි කටයුතු සිදුකල නිලධාරීන් දෙදෙනෙකි.

මෙම නිලධාරීන් දෙදෙනා හොරණ හා හෝමාගම ප්‍රදේශ ව පදිංචිකරුවන් වන අතර එම නිලධාරීන් සදහා සමීප සබදකම් පැවැත්වූ නිලධාරීන් හා සෙබලුන්ද,පවුලේ සාමාජිකයන්ද නිරෝධායනයට යොමු කර ඇත.

හොරණ සේවය කළ යුද හමුදා නිලධාරියා හොරණ නගරයේ වෙළෙඳසල් හතරකට ගොස් සිටි නිසා තාවකාලිකව ඒවා වසා දැමීමට හා එම වෙළදසැල් වල සේවකයන් පීසීආර් පරීකෂණ සදහා යොමු කිරීමට හොරණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article