Saturday, September 21, 2024

ගැහැණු දරුවන් බිය වද්දා ලිංගික අපයෝජනයට ලක්කරන කණ්ඩායමක් අත්අඩංගුවට : සියලු දෙනා වයස 20ට අඩු තරුණයන්

Must read

ගැහැණු දරුවන් බිය වද්දා, ලිංගික අපයෝජනයට ලක්කරන කණ්ඩායමක් පිළිබදව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා අන්තර්ජාල අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම කණ්ඩායම විසින් සමාජමාධ්‍ය හරහා හුවමාරුවන ළමුන්ගේ ඡායාරූප රැගෙන ඒවාට නිරුවත් ඡායාරූප එක්කර අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් ගැහැණු දරුවන් ලිංගික අපයෝජනයට ලක්කරන බවට හෙලි වී ඇත.

විමර්ශණ වලදී බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියක් අන්තර්ජාලය ඔස්සේ බිය වද්දා, දැරිය වරින්වර අවස්ථා ගණනාවකදී, විවිධ ස්ථානවලට ගෙන ගොස්, ස්ත්‍රී දූෂණයට හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනා අවුරුදු 20ට අඩු තරුණයින් වන අතර, පාසල් සිසුන්ද ඒ අතර සිටීම ඛේදවාචකයකි.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.මෙම ක්‍රියාව සදහා සම්බන්ද අනෙකුත් අයද අත්අඩංගුවට ගැනීම සදහාමේ වන විට විමර්ශණ සිදුවෙමින් පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article