Friday, September 20, 2024

නාවික හමුදා සෙබලා කොළඹ සිට පොළොන්නරුවට වාහන 6 කින් ගොස් ඇති බව හෙලි වෙයි

Must read

කොරෝනා වයිරසය ආසාදිත බවට පොලොන්නරුවෙන් හමුවූ ප‍්‍රථම රෝගියා වන නාවික සෙබළා ඔහු සේවය කල වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලැබ පොලොන්නරුවේ පුලස්තිගම පිහිටි සිය නිවෙස දක්වා පැමිණ ඇත්තේ වාහන ගණනාවක නැඟී බව මේ වනවිට අනාවරණය කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

මොහු ඉකුත් 18 වෙනි දින රාජකාරි කල වැලිසර නාවික හමුදා කඳවුරට අයත් වාහනයකින් කොළඹ කොටුවට පැමිණි බවත් එතැන් සිට මනුවර බලා යන බස් රථයක නැඟී වරකාපොල දක්වා පැමිණි බව ප‍්‍රකාශ කර ඇත.

පසුව ත‍්‍රිරෝද රථයෙකින් අලව්ව නගරයට පැමිණ තිබේ. අලව්වේ සිට කුරුණෑගල දක්වා තවත් වාහනයකින් කුරුණෑගල නගරය තෙක් පැමිණ ඇති අතර එහිදී එළවලූ මිළදී ගැනීම සඳහා දඹුල්ල දක්වා එන කුඩා ලොරි රථයක පිටපසට ගොඩවී ඇති බව කියා තිබේ.

ඒ අවස්ථාවේ දඹුල්ලට යාමට තවත් කිහිප දෙනෙකුද ලොරියේ පිටුපස සිටි බව නාවික සෙබළා ප‍්‍රකාශ කර ඇත.

මේ පුද්ගලයා දඹුල්ල නගරයට පැමිණ එහි ටික වේලාවක් රැඳී සිටින විට මින්නේරිය ප‍්‍රදේශයේ පිහිටි සහල් මෝලකට අයත් සහල් ප‍්‍රවාහනය කරන ලොරියක් පැමිණ තිබේ.

එම ලොරිය නවත්වාගෙන එහි නැඟී මින්නේරිය නගරයට පැමිණ ඇත. මේ අවස්ථාව වනවිට ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙමින් පැවැතීම නිසා පොදු ප‍්‍රවාහන සේවා බස් රථ ආදිය නොමැති හෙයින් මින්නේරිය නඟරයේ සිට හිඟුරක්ගොඩ දක්වා කිලෝ මීටර් 05 කට වැඩි දුරක් පයින්ම පැමිණි බව නාවික සෙබළා පවසා තිබේ.

එතැන් සිට පුලස්තිගම අභයපුර පිහිටි සිය නිවෙසට ගොස් ඇත්තේ ත‍්‍රිරෝද රථයෙකින් බවත් නිවෙස ආසන්යට ගොස් නිවෙස දක්වා මඳ දුරක් පයින් ගිය බවද නාවික සෙබළා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

මේ ආකාරයට මෙම නාවික සෙබළා ගමන් ගත් බව කියන රථවාහන අතුරින් ලොරිය සහ ත‍්‍රිරෝද රථය හඳුනාගෙන ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය.

එම ත‍්‍රිරෝද රථයේ රියැදුරාත් ලොරියේ රියැදුරු සහ එහි සහායකත් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද ඒ මහතා කීය.

(Lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article