Thursday, September 17, 2026
spot_img

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක්

Must read

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ. තවද එම නෞකාවේ තිබූ බහාලුම් 8ක් මුහුදට වැටී ඇති බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනා ආරක්ෂිතව මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර එම පිරිස අතරින් තුවාල ලබා සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

මෙම නෞකාව ගිනි ගැනීම ආරම්භ වූයේ පසුගිය 20 වනදාය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article