Tuesday, September 15, 2026
spot_img

කොවිඩ් සුවවූවත් සති කිහිපයක් ප්‍රවේශම් වන්න – විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

Must read

COVID-19 වැලදී සුවය ලැබූ රෝගීන්ට අධික වෙහෙස දැනෙන දැඩි ව්‍යායාම වලින් වැලකී සිටින ලෙසත් ඔවුන්ට සාමාන්‍ය ජීවිතයට පැමිණීමට පෙර සති කිහිපයක් ප්‍රවේශම් විය යුතු බවත් වෛද්‍ය විශේෂඥයෝ පවසති.

COVID-19 හි ඇල්ෆා හෝ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී සුවය ලැබුවහොත් ‘දිගු COVID’ රෝග ලක්‍ෂණ වලට මුහුණ පෑමට සිදු විය හැකිය.

ඒ අනුව කොවිඩ් හි දීර්ඝ කාලීන රෝග ලක්ෂණ වන අසාමාන්‍ය තෙහෙට්ටුව, මනස නිරවුල් නොවීම, ශරීරය පුරා වේදනාව සහ විශේෂයෙන් සන්ධි වේදනා හා සන්ධි චලනය කිරීමේ අපහසුතාවයන් ඇති විය හැකිය. මෙම රෝග ලක්ෂණ සති 3 සිට 5ක දක්වා කාලයක් පැවතිය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයන් පවසන බව ඩේලි මිරර් වාර්තා කර සිටියි. ඒ හේතුවෙන් කොවිඩ් ආසාදන තත්වය සුවවීමෙන් අනතුරුව සති කිහිපයක් ප්‍රවේශම් විය යුතු බව විශේෂඥයින්ගේ මතය වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article