Friday, September 20, 2024

කොරෝනා නිසා අසරණ වූවන්ට උපකාර කිරීමේදී ඡායාරූප ගැනීම තහනම්

Must read

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ අසරණ වී ඇති පිරිස් වෙත උපකාර කිරීමේදී ඒවා ඡායාරූප ගත කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ඉන්දියාවේ රාජස්ථාන්  ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන කල්රාජ් මිශ්‍රා තීරණය කර තිබේ.

ඉන්දීය මධ්‍යම රජය මගින් ලබාදෙන අධාර හා උපකාර ගැනීමේ අයිතිය හා ප්‍රමුඛතාව දරිද්‍රතාවයෙන් පෙළෙන වැසියන්ට හිමිවන බවත් ඔවුන් වෙනුවෙන් ලබා දෙන ආධාර උපකාර තම තමන්ගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය කරගැනීමට යොදා ගැනීමට අවස්ථාවක් නොවන බවත් දුප්පතුන් අතර ආහාර හා සලාක බෙදා හැරීම සේවාවක් ලෙස සිදුවිය යුත්තක් බවත් එය ප්‍රසිද්ධිය සඳහා සිදු කරන්නක් හෝ තරගකාරී ක්‍රියාවක් නොවිය යුතු බවත් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය අශෝක් ගෙලෝට් පවසා ඇත.

අසරණව කුසගින්නේ සිටින පුද්ගලයෙකුට ආහාර මල්ලක් ලබා දී එය තම ප්‍රසිද්ධිය වෙනුවෙන් භාවිත කළ යුතු යැයි යමෙකුට සිතන්නේ, නම් එය කිසිසේත් ම මනුෂ්‍යත්වයට ගැළපෙන්නක් නොවන බවද ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම තීරණය මේ වන විට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් පවතින සියලු ආකාර ආධාර බෙදාදීමේ වැඩසටහන් සදහාද ක්‍රියාත්මක වන්නේ නම් අගනේය. ප්‍රධාන මාධ්‍ය ආයතන වල සිට තනි තනි පුද්ගලයා දක්වාම ශ්‍රී ලංකාව ආධාර බෙදාදීම් තම පුද්ගලික වාසි හා අරමුණු වෙනුවෙන් භාවිතා කරන බව සමාජ මාධ්‍ය හා රූපවාහිනී නරඹන සියල්ලන්ටම තේරුම්යන ක්‍රියාවකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article