මඩකලපුව කොක්කඩිච්චෝලේ සමූල ඝාතනයේ 35 වැනි සංවත්සරය අද ( 28) පෙරවරුවේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ මහලේකම් ගෝවින්දන් කරුණාකරම් (ජනා) විසින් පොලිස් හිරිහැර නොතකා මහිලාඩිතිව් ස්මාරකය අසලදී සමරනු ලැබු බව නැගෙනහිර මාධ්‍යවේදින් වාර්තා නර තිබුණි.
![](http://webnewslk.com/wp-content/uploads/2022/01/Batti-event-3-1024x768.jpg)
![](http://webnewslk.com/wp-content/uploads/2022/01/Batti-event-5-1024x768.jpg)
![](http://webnewslk.com/wp-content/uploads/2022/01/Batti-event-4-1024x768.jpg)
නැගෙනහිර පළාතේ හිටපු නියෝජ්‍ය සභාපති සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ හිටපු නියෝජ්‍ය නායක ඉන්ද්‍රකුමාර් ප්‍රසන්න, පක්ෂයේ භාණ්ඩාගාරික වින්දන් කනගරත්නම් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
පොලිසියේ බාධක නොතකා වුව පැවති මෙම සැමරුම සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් සිදු කරන ලස සාමකාමී අනුස්මරණ උත්සවයක් විය.
ස්මාරකය වෙත මල් මාලා පළඳවා නිහඩ උපහාරයක් ද පවත්වා තිබුණි..
1987 ජනවාරි 28 වැනි දින කොක්කඩිච්චෝලේ ඉස්සන් ගොවිපළක ප්‍රාදේශීය කම්කරුවන් ඇතුළු 87 දෙනෙකු දක්වා වෙඩි තබා ඝාතනය කරන ලදි .
මළවුන් සැමරිමට ඇති අයිතිය උතුරේ මෙන්ම නැගෙනහිරදි ද ජනතාවට අහිමි කරමින් පොලිසිය දිගටම බාධා කරමින් සිටිති. මහින්ද රාජපක්ෂගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වු දරුස්මාන් කොමිසම් වාර්තාවෙන්ද මළවුන් සිහිකිරිම ඉඩ දිය යුතු බවට යෝජනා වි තිබුණි.