Friday, September 20, 2024

කුරුණෑගල රෝහලේ නව අධ්‍යක්ෂක ඉල්ලා අස්වෙයි

Must read

හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තාවකාලික අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සිය කැමැත්තෙන්ම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ මහතා මසක කාලයක් සදහා අදාල තනතුරට පත්කර තිබූ අතර ඒ මහතා අදාල තනතුරේ වැඩ බාරගත්තේ පසුගිය 5වනදාය.

තමන් එම තනතුරේ තාවකාලිකව වැඩ බාර ගත් දින සිට කිසියම් පිරිසක් වඳසැත්කම් චෝදනාවට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයා සහ තමන් සම්බන්ධ කර ජාතිවාදයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ෆරීඩ් මහතා පවසයි.

ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහි නඩුවක් අධිකරණයේ විභාගයට ගනිම්න් සිටින අවස්ථාවක එම වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන තමන්ට චෝදනා නැඟීම සම්පුර්ණයෙන්ම වැරැදි සහගත ක්‍රියාවක් බවද මෙවැනි වාතාවරණයක් හමුවේ තමන්ට කුරුණෑගල ශික්ෂණ රෝහලේ රාජකාරි කිරීම අපහසු බැවින් මෙසේ තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බවද එ් මහතා පැවසීය .

ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ තාවකාලිකව රාජකාරි කටයුතු සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා මහත්මියව නිර්දේශ කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා යැවූ බවද වෛද්‍ය ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය .

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂව සිටි වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර වැඩ බැලීම සඳහා පත් කළ වෛද්‍ය ෆරීඩ් මහතා එම තනතුරෙන් ඉවත් නොකළහොත් ඊට එරෙහිව විරෝධතාවයක් දියත් කරන බව වඳසැත්කම් සිද්ධිය සමිබන්ධයෙන් අගතියට පත් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළහ .
(Lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article