Friday, September 20, 2024

කිසිදු දෙපාර්තමේන්තුවක් පාඩුු නොලැබිය යතුයි – තැපැල් සේවා රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන්

Must read

නැගෙනහිර පළාත් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්  තැපැල් සේවා හා ජනමාධ්‍ය  සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට  ගෞරව දැක්වමින් පිළිගැනීමේ උත්සවයක්  බ්‍රහස්පතින්දා මඩකලපුවේ තැපැල් දෙපාර්තමේන්තු සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගී වූ  ඇමතිවරයා අදහස් දැක්වමින්  තැපැල් සේවය වැදගත් සේවාවක් බවත් කිසිදු අංශයක්  දූෂණය  නොවී ලාභ ලබන දෙපාර්තමේන්තු බවට පත්කිරීම සම්බන්ධයෙන්  ජනාධිපතිතුමාගේ අවධානය යොමුවී  ඇති බවත් අවධාරණය කරන ලදී.

”නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් , යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවලට හා   පසුගාමී ප්‍රදේශවල සිටින සියලු ජනතාවට වඩා හොඳ සේවාවක් ලබා දෙන ලෙසත්,  වාර්ගික වෙනස්කම් කිරීමකින් තොරව ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම මෙම සේවාව වඩා හොඳින් සිදු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණයි. ලංකාවේ අනෙක් ප්‍රෙද්ශ වලට වඩා කදුකරයේ තැපැල් සේවය මන්දගාමීබවක් පෙන්නුම් කරනවා.මෙම තත්ත්වය ජයගතයුතුව තිබෙනවා.  කඳුකරයේ සිටින සියලුම ජනතාව සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසත් ජනාධිපතිවරයා පියවර අරගෙන තිබෙනවා.”
මෙම  අවස්ථාවට   නැගෙනහිර පළාතේ නියෝජ්‍ය තැපැල්පති ජෙනරාල්  ජයනන්දී  තිරුචෙල්වම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට තැපැල් දෙපාර්තමේන්තුවේ සම්භාවනීය අමුත්තන් සහ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article