Friday, September 20, 2024

කාලගුණ දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනය – අකුණු හා තද සුළං ඇතිවීමේ අවදානමක්

Must read

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන්ඉදිරි දිනකිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ දෙපාර්තමෙන්තුව පවසයි.

ඒ අනුව දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් මධ්‍යම, සබරගමුව ඌව, නැගෙනහිර   සහ උතුරු මැද පළාත් වලත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සදහන් වෙයි.

දකුණ, මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත් වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී.100කපමණ තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article