පාස්කු ප්රහාරය සම්න්දයෙන් සොයන කොමිෂන් සභා මගින් අපක්ෂපාතී,ස්වාධීන හෝ විනිවිදභාවයක් තමන්ට නොපෙනෙන බැවින් සියළුම බලතල සහිත ස්වාධීන කොමිසමක් මැතිවරණයට පෙර පත්කළ යුතු බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානෝ සදහන් කරති.
එමෙන්ම ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂයෙන්ද අනෙක් පක්ෂවලින්ද පාස්කු ප්රහාරය සම්බන්දයෙන් වගකීම් ඉටු නොවූ බවද කාදිනල්තුමන් පවසති.
එමෙන්ම තම ඉල්ලීම් ඉටු නොකරන්නේනම් ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ වෙනත් කිසිදු පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන් මුණ ගැසීමටතමන් සූදානම් නැති බවත් උන්වහන්සේ සදහන් කලේය.