Tuesday, September 15, 2026
spot_img

ක්‍රිකට් නීති පොතට අළුත් නීතියක්

Must read

අන්තර්ජාතික ක්‍රිකට් තරග වලදී ආබාධයට ලක්වන ක්‍රීඩකයා ඉවත් කොට වෙනත් අතිරේක ක්‍රීඩකයෙකු කණ්ඩායමට ඇතුලත් කිරීමේ අවස්ථාව ලබාදීමට ICC ය තීරණය කොට ඇත. ඒ අනුව එසේ ආදේශ කරන ක්‍රීඩකයාට පිතිකරණ හා පන්දු යැවීම යන අංශ දෙකෙන්ම කණ්ඩායමට සිය සේවාව ලබා දීමේ හැකියාව පවතියි.

මෙහිදී යම් ක්‍රීඩකයෙකු ආබාධයට ලක්වී ඇත්දැයි අදාළ කණ්ඩායමේ වෛද්‍ය කමිටුව විසින් තීරණය කිරීමෙන් අනතුරුව තරග තීරකවරයාගේ අවසරය ඇතිව මෙම ක්‍රීඩක ආදේශනය සිදුකළ හැකිය.ඒ අනුව අගෝස්තු මස 1වනදා සිට පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යන අංශ ත්‍රිත්වයටම මෙම නව නීතිය ක්‍රියාත්මක වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article