කළු ගඟේ ජලයට ලවණ මිශ්ර වීම හේතුවෙන් එම ජලය පානය කිරීමෙන් වැළකී සිටින ලෙස ජාතික ජල සම්පාදන හා ජලප්රවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දී ඇත. මෙම තත්වය පහව ගිය පසු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් පානය කිරීමට සුදුසු ජලය ජල බවුසර් මඟින් පොදු ස්ථාන සඳහා ලබා දීමට කටයුතු කර ඇති බවත් ජලප්රවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.
වාද්දුව, කළුතර, බේරුවල, පයාගල, අළුත්ගම, බෝම්බුවල, පිලමිනාවත්ත සහ බෙන්තර යන ප්රදේශවලට මෙම තත්ත්වය බලපෑම් ඇති කර ඇත.