Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

එජාපට ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 25 වනදා

Must read

එක්සත් ජාතික පක්ෂය පූමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා (25) නම්  කිරීමට නියමිත බව වාර්ථා වෙයි.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට ලිඛිතව ඉල්ලුම් කර ඇති දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වන අතර එම අපේක්ෂකයන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක දේශබන්දු කරු ජයසූරිය ය.

එමෙන්ම මේ දිනවල රටින් පිට සිටින සියලුම මැති ඇමතිවරුන්ට ලබන බදාදා දිනයට පෙර මෙරටට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) උපදෙස් දුන්නේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article