අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වීමේ කාල වකවානු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්වීමටත්, අ.පො.ස. උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තීරණය ගැනීමට හේතු වි ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අඩු කිරීම බවයි වාර්තා වන්නේ.
එමෙන්ම 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යූහගත කිරීමට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වෙයි.


