මිග් යානා ගනුදෙනුව සම්බන්දයෙන් රක්ෂිත බන්ධානාගාර ගතව සිටි ශ්රී ලංකාවේ හිටපු රුසියානු තනාපති උදයංග වීරතුංගට අද(04) ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දසනායක මහතා අද(04) නියෝග කලේය.
ඒ රුපියල් ලක්ෂ 25ක මුදල් ඇපයක් හා ලක්ෂ 500ක ශරීර ඇප දෙකක් මතය.
කෙසේ වෙතත් ඇප ලබාදෙන විට උදයංග වීරතුංග උසාවියේ පෙනී සිට නොමැති බවත් වාර්තා වෙයි. ඔහු මේ වන විට රෝගී තත්වයක් හේතුවෙන් ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.