Friday, September 25, 2026
spot_img
spot_img
spot_img
spot_img

උතුරු පළාත් තෛපොංගල් උත්සවය වවුනියාවේදි

Must read

උතුරු පළාත් තෛපොංගල් උත්සවය වවුනියාව උතුරු පළාතේ තෛපොංගල් උත්සවය අද (17.01) වවුනියාවේදී පැවැත්විණි.

උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිටාචූරි කන්නගී ශ්‍රී මුතුමාරි අම්මාන් කොවිලේ  සහයෝගයෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත

සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව අලුතින්  නෙළන ලද කුඹුරේ අස්වනු වලින් සැකසු ට පොංගල් පූජා කළ අතර සම්ප්‍රදාය ප්‍රකාශ කරමින් කලාත්මක වැඩසටහන් ද මෙහිදි  පැවැත්විණි.

උතුරු පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රාජමල්ලිකායි සිවසුන්දර්මා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. උතුරු පළාතේ අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඊ.වරදීස්වරන්, යාපනයේ ඉන්දීය නියෝජ්‍ය තානාපති ශ්‍රීවන් රාජ් මහේස් මෙම අවස්ථාවට සහභාගි විය. ,


වසන්ත රූබන් -වව්නියාව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article