ශ්‍රී ලංකාවේ සීනි නිශ්පාදනය ඉහළ නැංවීම සදහා උක් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් බවට පත් කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ සීනි ඉල්ලුම මෙට්‍රික් ටොන් 670,000ක් පමණ වන අතර ඉන් 91%ක්ම ආනයනය කෙරේ. එළඹෙන වසර වන විට මෙම ඉල්ලුම මෙට්‍රික් ටොන් 700,000 දක්වා වැඩිවනු ඇති බවට බලාපොරොත්තු වන අතර එම ඉල්ලුම සැපයීම සදහා මේ වන විට ඉඩම් අක්කර 104,000ක් පමණ හදුනාගෙන ඇත.