ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සටන්කාමී සංවිධාන අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හා දැනට ඊශ්‍රායලය තුළ පවතින කලබලකාරි තත්ත්වය හමුවේ එරට සිටින 5000ක පමණ ශ්‍රී ලාංකිකයන්ට විශේෂ අවධනයෙන් සිටින්නැයි ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
පවතින තත්වය හමුවේ පිරිස් ඒකරාශී වන ස්ථාන වලට යෑමෙන් වලකින ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වලකින ලෙසත් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙසත් තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත.