Friday, September 20, 2024

ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශ්වයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට යුරෝපා සංගමයෙන් තීරණයක්

Must read

යුරෝපා කොමිසම විසින් මැයි මස 7 වනදා නිකුත් කල ලැයිස්තුවට අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබේ.

2017 වසරේදී ජී 7 සමුළුවේ මූලිකත්වයෙන් ස්ථාපිත කරන ලද මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සහිත රටක් ලෙස ‘අළු ලේඛන’ ගත කල අතර යුරෝපා කොමිසම විසින් 2018 වසරේදී ශ්‍රී ලංකාව ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තු ගත කළේය.

ඒ හේතුවෙන් හඳුනාගත් උපායමාර්ගික දුර්වලතා මඟහරවා ගැනීම සඳහා කාල රාමුවකට යටත්වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබාදුන් අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අනෙකුත් පාර්ශවකරුවන් සමඟ ඉහත ක්‍රියාකාරී සැලැස්ම ලබාදුන් නිශ්චිත කාලරාමුව තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හේතුවෙන් එහි ප්‍රථිඵලයක් හේතුවෙන් 2019 වසරේ ඔක්තෝබර් මස 13 සිට 18 දක්වා පැරීසියේ පැවැති මූල්‍ය කාර්ය සාධක බලකා සැසිවාරයේදී ශ්‍රී ලංකාව ‘අළු ලේඛනයෙන්’ ඉවත් කරන ලදි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article