
ඉරාන රාජ්‍ය නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුරදී එරට උත්තරීතර නායක අල් කමේනිගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් සම්බන්දයෙන් පුවතක් විකාශය කරමින් සිටියදී එම නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරාන විරෝධතාකරුවන් කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එහිදී, එම ප්‍රවෘත්තියේ විකාශය වෙනුවට ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ රුව යොදාගනිමින් සහ මෑත කාලයේ දි රාජ්‍ය ක්‍රියා හේතුවෙන් මියගිය කාන්තාවන්ගේ රුව භාවිත කරමින් සකස් කළ විඩියෝ පටයක් විකාශය වී තිබේ.
පොලිස් අත්අඩංගුවේ සිටියදී කුර්දි ජාතික තරුණියක් මියයාමට විරෝධය පල කරමින් ඉරානයේ විරෝධතා ආරම්භ විය.