Saturday, May 18, 2024

ආන්දෝලනාත්මක ශල්‍යවෛද්‍යවරයාගේ තවත් කෙරුවාවක් එළියට

Must read

චෝදනා එල්ල වී ඇති රාගම රෝහලේ වෛද්‍යවරයා පිත්තාසයේ ගල් ඉවත්කිරීමේ සැත්කමකට ලක්කළ  එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අවිවාහක තරුණියක වසරකට ආසන්න කාලයක් ඇඳට සීමාවී සිටින බව ඇයගේ පියා ‘ලංකාදීප’යට පැවසීය.

ගයනි ඉනෝෂා පෙරේරා නැමැති ඇය පසුගිය වසරේ (2021) නොවැම්බර් මස 5 වැනිදා පිත්තාසයේ ගලක් ඉවත්කිරීමේ සැත්කමට රාගම රෝහලේදී ලක්වීමෙන් පසුව සිහිය නොමැතිව එම රෝහලේ හදිසි ප්‍රතිකාරක ඒකකයේ (අයි.සී.යූ.) මාස තුනක් ගතකළ බවත් පසුව එම රෝහලේම ස්නායු වාට්ටුවේ මස එකහමාරක් ප්‍රතිකාර ලැබීමෙන් පසුව රාගම පුනුරුත්ථාපන රෝහලේ මාස 4 ක් ප්‍රතිකාර ලැබුවද ඇය තවමත් ලෙඩ ඇඳේ සිටින බවත් පියා කීය.

ශල්‍යකර්මය කළ වෛද්‍යවරයාගේ කිසියම් දුර්වලතාවකින් සිය දරුවාට මෙම තත්වයට පත්වීමට සිදුවූ බවට විශ්වාස කරන බව කී ගයනිගේ පියා මේ පිළිබඳව සාධාරණය ඉල්ලා කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද සඳහන් කළේය.

උපුටාගැනීම – ලංකාදීප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article