Friday, September 20, 2024

ඉන්දියාවේ සිට පැමිණ නිවසේ නි⁣රෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වෙයි

Must read

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන කදවුරක දින 14ක නිරෝධායන කාලය අවසන් කර නිවසට පැමිණ නිවසේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇති බව අද තහවුරු වී තිබේ.
මෙම පුද්ගලයා පදිංචිව සිට ඇත්තේ කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේය.

මෙම පුද්ගලයා නෞකාවක සේවය කරන පුද්ගලයෙකු වන අතර නිරෝධායන කඳවු⁣රේ කාලය අවසන් කිරීමේදී PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.නමුත් දින 14 ක කාලයක් නිවාස නිරෝධායනයේ යෙදී සිටිමින් සිටියදී ඔහුගේ සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article