Saturday, November 23, 2024

” ඉන්දියන් සාගරයේ කදුළ ” – රංජිත් හේනායක ගේ ජර්මන් නවකතාවක් එළිදැක්වෙයි

Must read

 රන්ජිත් හේනායක විසින් රචිත  ජර්මන් බසින් ලියවුණු ඔහුගේ නවතම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර තිබේ.  මෙම පොත රන්ජිත් හෙන්නායක විසින් ලියන ලද තෙවන පොතයි.  මෙම පොත පිදුම පුදකර ඇත්තේ  ලංකාවේ සන්ධ්‍යා එක්නැලිගොඩ සහ දහස් ගණන් ලාංකීය කාන්තාවන්,  බලහත්කාරයෙන් අතුරුදහන් කළ තමන්ගේ ඥාතීන් නොකඩවා සොයමින්, අප්‍රතිහත දිරියකින්, සත්‍යය එළිදරව් කර ගැනීමට මේ දක්වාම නොනවත්වා සටන් කරන කාන්තාවන් වෙතය.

එහි කතා වස්තුව මෙසේ ය;

ශ්‍රී ලංකීය ප්‍රභවයක් ඇති තරුණ ස්විට්සර්ලන්ත වෛද්‍යවරියක වන පරමි ගෝල්ඩ්ස්ටයින්, වසර 25 කට වැඩි කාලයක් ජිනීවා සිට සිය පැරණි මව්බිමට ගමන් කරයි. ඒ, ඇගේ මිතුරා ද සහකරු වන එරික් ද සොයා ය. මෙම චාරිකාවේදී ඇයගේ මූලාරම්භයේ සැබෑ පසුබිම ඇයට හෙළි කර ගත හැකි වේ. ඒ සමඟ ම දෙමාපියන් සහ ඥාතීන් ඇයට අහිමි කළ ඛේදනීය අතිතය ඇය ට හෙළිදරව් වේ. අතුරුදහන් වූ ඇගේ පෙම්වතා ගේ අතුරුදන් වීම පිටුපස වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන හා හමුදා බලයේ ප්‍රභූ පැලැන්තියේ කොටසක් දැක ගත හැකි වේ. පාරමී අපරාධ කල්ලිවල ග්‍රහණයට හසු වෙයි. ඇය ලුහුබැද එන නිල ආරක්ෂක අංශ විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබේ.එහිදි ඇය ට අත්විඳින්නට සිදු වන කටුක අත්දැකීම් සහ ඇයගේ සංවේදනයන් ගැන ලියවුනු කතාවක් ලෙසින් මෙම කතාව ගලාගෙන යයි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article