Monday, November 18, 2024

ඉතින් අතිගරු ජනාධිපතිතුමනි.. මේ ලේ වලට ඔබ වගකිවයුතුයි !

Must read

bloodතෙල් සංස්ථාවේ සිදුවූ වෙඩි තැබීමක් නිසා දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිවයුතු ය.

රටේ පවත්නා තත්වය සමනය කිරීමට කලයුතුව තිබුනේ වහාම පාර්ලිමේන්තුව කැඳවා දෙපාර්ශවයටම තම බහුතරය පෙන්වීමට අවස්ථාව ලබා දීමයි.
එසේ වූවානම් අගමැතිවරුන් දෙදෙනෙකු සමග මේ වියවුල්සහගත තත්වය ඇතිවන්නේ නැත. නමුත් ඔහු කලේ පාර්ලිමේන්තුව කල් තබා රට අභ්‍යන්තරය තුලත් ජාත්‍යන්තරය තුලත් පවත්නා දේසපාලන අර්බුදය උත්සන්න කිරීමට ඉඩහැරීමයි.

උදාහරණයක් ලෙස
පසුගිය අප්‍රේල් 4 වෙනිදා තිබුණ දෝෂාභියෝගය රනිල් වික්‍රමසිංහ පරාජය වී මේ ආකාරයෙන්ම ජාතික ආණ්ඩුව අහෝසි කර බලහුවමාරුව සිදුකර මහින්ද රාජපක්ෂට අගමැති ධූරය ලබා දුන්නානම් මෙවන් තත්වයක් ඇතිවන්නේ නැත.

එලෙසම වහාම පාර්ලිමේන්තුව කැඳවා දෙපාර්ශවයටම බහුතරය පෙන්වීමට අවස්ථාව ලබාදී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් මෙය සිදුකලානම් මේ සිදුවීම් ප්‍රචන්ඩ ක්‍රියා කිසිවක් සිදුනොවේ.

එයට හොඳම උදාහරණය වන්නේ 2015 ජනවාරි 9 වෙනිදා ජයග්‍රාහී පාර්ශවය හා පසුගිය පුංචි ඡන්දයේ ජයග්‍රාහී පාර්ශවය පක්ෂ දෙකක් වුවත් මැතිවරණ දෙකටම පසුව බලහුවමාරුවේදී රට සාමකාමීව පැවතීමයි..

ඉතින් අතිගරු ජනාධිපතිතුමනි..
මේ ලේ වලට ඔබ වගකිවයුතු ය..!!

දැන්වත් පාර්ලිමේන්තුව කැඳවා රට සාමකාමී කරන්න. ඒ වගේම බයියනි ටොයියනි ජෙප්පනි අනිත් එවුනි.. ලේ හලා මේවා විසඳාගත නොහැක. කරුණාකර සාමකාමී වන්න..

– චමල් අකලංක පොල්වත්තගේ

Edit

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article