ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද(10) දිනයේ දී අධිචෝදනා ගොනු කරනු ලැබීය. ඒ අනුව එම පිරිසට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ, විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා 7573ක් ගොනු කරමින් නඩු පවරා ඇත.
මෙම නඩුව ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ප්‍රමාණයක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව ලෙස ද සැලකෙයි.
මෙසේ අධි චෝදනා ඉදිරිපත් කර ඇත්තේ , ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් දිසානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, රක්නා ලංකා සමාගමේ සභාපතිවරයෙක් ලෙස කටයුතු කල විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු හා එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල, නෞකාවේ කපිතාන් වන යුක්රේන් ජාතික ඩෙනඩි ග්රැබ්රෝ රැබ්ලිරෝ, රක්නා ලංකා සමාගමේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ වික්ටර් සමරවීර, දොන් අල්පස් තිලකරත්න, නිරුපුල් ද කොස්තා, පොන්නතුරේ බාලසුබ්රමනියම් හේමචන්ද්‍ර ,විසුරුජිත් නන්දන ලියනගේ යන පිරිසට එරෙහිවය.