අද (11) උදෑසන 7.00 සිට සයස 4.00 දක්වා ක්රියාක්මක වන ඇල්පිටිය ප්රාදේශිය සභා ඡන්ද විමසීමේ අවසන් ප්රතිඵලය අද රාත්රී 10ට පෙර ලබාදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ගාල්ල දිස්ත්රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
ඇල්පිටිය ප්රාදේශිය සභාවේ සභිකයන් 28 දෙනා අතරට තේරී පත්වීම සදහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු මෙම මැතිවරණය සදහා තරග තරනු ලැබේ.