ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ ඊයේ  (14) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු සඳහන් කර තිබුණි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාවක් ඉදිරිපත්කර ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු යැයි පසුගිය වසරේ අගෝස්තු මාසයේදී  පෙන්වා දි තිබේ.

ඒ අනුව  අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ඉදිරිපත් කළ අතර එයට අනුව ඉන්ධන මිල මාස දෙකෙන් දෙකට වෙනස් විය.

පසුගිය දා  මහින්ද රාජපක්ෂ මහතා ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන බව ප්‍රකාශ කළ අතර සහන පැකේජයක් ද නිවේදනය කර තිබේ. එහෙත් අද මැදියම් රැයේ සිට ඉන්ධන මිළ අඩුවන්නේ යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුන වැඩපිළිවෙල යටතේය.