මන්නාරම, ඇතිමොට්ටායි ගම්මානයේදී නීති විරෝධී ලෙස වැලි ගොඩදැමූ ටිපර් රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ටිපර් රථයේ අයිතිකරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. පසුගිය 04 වනදා මෙම සිදුවීම සිදුවී ඇති අතර අත්අඩංගුවට ගත් රථය පොලීසියට බාරදීමට රැදී සිටි ගම්වාසීන්ට සහ අදාළ නිලධාරීන්ට මෙම ප්‍රා.සභා මන්ත්‍රීවරයාගේ ගෝලයින් විසින් මැර ප්‍රහාරයක් ඒල්ල කර තිබේ.
ගම්වාසීන්ට සහ ප්‍රා.ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට පහරදුන් මැර පිරිස අත්අඩංගුවට ගැනීමටද පොලීසිය ප්‍රමාද කර ඇති අතර මෙම නීතිවිරෝධී වැලි හැරීම සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබියදී ඊට ඒරෙහිව ක්‍රියාත්මක නොවීම හේතුකොට ගෙන මෙවැනි ආකාරයට ගම්වාසීන්ට මැදිහත්වීමට සිදුවූ බව ඔවුහු පවසති.
මෙම වැලි ගොඩදැමීමට සම්බන්ධ ප්‍රා.සභා මන්ත්‍රීවරයාට නීතිවිරෝධී වැලි හැරීම් සම්බන්ධව නඩු කිහිපයක්ම තිබෙන බව ජනතාව පවසති. ඒමෙන්ම මෙවර පලාත් පාලන මැතිවරණය සදහා ද ඉදිරිපත්වීමටද සූදානමින් සිටින බව ජනතාව පවසයි.
ඒස්.ආර්.ලැම්බර්ට්