අළුත්ගම ප්රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයට සහභාගී වූවන්ගෙන් 58 දෙනෙකු ආසාදිතයන් වශයෙන් මේ වන විට හදුනාගෙන ඇති බව වාර්තා වෙයි.
මංගල උත්සවයට සහභාගි වූ පයාගල පොතුවිල සහ හොරගස්කැලේ යන ගම්මානවල දෙපාර්ශ්වයේ ඥාතීන් මෙසේ ආසාදිතවී ඇති අතර මනාලියද ආසාදිතයෙකු වශයෙන් හදුනාගැනීම විශේෂත්වයකි.
මෙම විවාහ මංගල උත්සවය පැවැත්වී ඇත්තේ පසුගිය දෙසැම්බර් 16 වනදා වන අතර මේ වන විට එම පොකුරට අදාලව 150කට වැඩි පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත