Saturday, November 23, 2024

අවිගත්තවුන් විසින් නිහඩකල කාෂ්මීරයේ හඩ

Must read

 

කාෂ්මීර ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ ඉංග්‍රීසි පුවත්පතක් වන Rising Kashmir හි කර්තෘ මාධ්‍යවේදී සුජාට් බුකාරි මහතා පසුගියදා ශ්‍රී නගර් ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කෙරිණි. සිය දවසේ වැඩ නිමවා තම කාර්යාලයෙන් පිටත් වූ සුජාට් මහතා ගමන්ගත්තේ සිය උපවාසය අත්හැරීම සදහායි. ඉන් සුළු මොහොතකට පසු ඔහු ගමන්ගත්  මෝටර් රථය අවි ගත් කණ්ඩායමක් විසින් වටලනු ලැබිණි. ඉන් අනතුරුව සිදුව තිබුනේ අවි ගත්තවුන් විසින් සිත්සේ සුජාට් මහතා ගමන් ගත් රථයට වෙඩි තැබීම පමණි. එහිදී බරපතල තුවාල ලැබූ සුජාට් මහතා ඒ අවස්ථාවේදීම මිය ගොස් තිබූ අතර ඔහුගේ අාරක්ෂක නිලධාරීන් දෙදෙනාද රෝහල් ගතකිරීමෙන් පසු මිය ගියහ.

ජම්මු හා කාෂ්මීරය මුල්කරගනිමින් ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින වසර ගණනක ගැටුම් ඉතාමත් නිර්භීව ආමන්ත්‍රණය කල මාධ්‍යවේදීන් අතලොස්සෙන් කෙනෙකු වූ සුජාට් එසේ හඩනැගූ අතලොස්ස අතරින් ශක්තිමත්ම හා වඩාත් විවේචනාත්මක ලිපි ඉදිරිපත් කල අන්දෝලනාත්මක රචකයෙකුද විය. ඔහුගේ මේ දැඩි ප්‍රහාරයන් නිසා ඔහු මින් පෙර අවස්ථාවන් කිහිපයකදීම අවිගත් කණ්ඩායම් වල ඉලක්කයක් විය.

පළමුව වසර 1996 වසරේ ජුලි මස 08 වනදා සටන්කාමී කණ්ඩායමක් විසින් දේශීය මාධ්‍යවේදීන් 19 දෙනෙකු අල්ලාගෙන ඔවුන් පැය 7ක පමණ කාලයක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගත් අතර එම මාධ්‍යවේදීන් 19 අතර සුජාට්ද විය. ඉන්පසු නැවතත් 2000 වසරේදී ඔහු අවිගත් කණ්ඩායම් වල ඉලක්කයක් වූ අතර ඉන් පසුව ඔහුට පොලිස් ආරක්ෂාවද ලබා දුණි.

Reporters Without Borders සංවිධානයට අනුව සුජාට් 2006 වසරේදී ජුනි මාසයේදීද අවිගත් කණ්ඩායමක් විසින් එල්ල කල ප්‍රහාරයකින් දිවි බේරා ගැනීමට සමත්වී ඇති ඇත.2006 වසරේ ප්‍රහාරයෙන් පසු Reporters Without Borders අමතමින් සුජාට් සදහන් කර ඇත්තේ  අපගේ මිතුරන් හා සතුරන් කවුරුන්දැයි හදුනාගැනීම පවා අපහසු බවයි.

ජම්මු හා කාෂ්මීර ප්‍රදේශය වසර 1989 පමණ සිට ඉන්දීය පාලනය යටතේ පැවති අතර ඉන්දීය රජය දිගින් දිගටම ප්‍රකාශ කලේ මේ ප්‍රදේශය ඉන්දියානු රජය අයත් කොටසක් ලෙසටයි. කෙසේ වෙතත් 1989 තරම් වන කාලයේ සිටම ජම්මු හා කාෂ්මීර ප්‍රදේශවල ජීවත් වන ජනතාව සිය නිදහස වෙනුවෙන් සටන් කලහ.

https://globalvoices.org ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article