Friday, November 22, 2024

අරුණ ජයවර්ධනගේ ‘මාරියා’ වියට්නාමයේ දී සම්මානයට..

Must read

 

අරුණ ජයවර්ධන මහතා අධ්‍යක්ෂණය කළ ‘මරියා’ චිත්‍රපටය වියට්නාමයේ Hanoi අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය එහි ප්‍රධාන චරිත රඟපෑ රංගන ශිල්පීන් හත්දෙනාටම හිමි වී ඇත. හේමාල් රණසිංහ, මහෙන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර, සුරන් දිසානායක සහ මීට දින කිහිපයකට ඉහත දී ජීවන ගමනින් සමුගත් ධර්ශන් ධර්මරාජ්ට ද හිමි වී ඇත.

‘මාරියා’ චිත්‍රපටය ලංකීය සිනමාව තුළ සුවිශේෂී සිනමාපටයක් වී හමරාය. ඒ එහි කිසිදු රංගන ශිල්පිනියෙකු නොමැති වීමයි. කිසිදු රංගන ශිල්පිනියක් නොමැතිව නිර්මාණය වූ තුන් වැනි සිංහල චිත්‍රපටය ලෙස ද මෙය ඉතිහාස ගත වේ. අනෙක් සුවිශේෂී කරුණ වන්නේ මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නිර්මාණය වන්නේ මහ මුහුදේ ය. ගොඩබිමක කිසිදු දර්ශනක් මෙම චිත්‍රපටයට අන්තර්ගත නොවීම ද තවත් එක් සුවිශේෂී කරුණකි.

‘මාරියා’ අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධන මහතා සිනමාවට පැමිණෙන්නේ ‘නිකිණි වැස්ස’ චිත්‍රපටය තුළිනි. ‘නිකිණි වැස්ස’ දෙස් විදෙස් සම්මානයන් රැසකට හිමිකම් කියූ සුවිශේෂී චිත්‍රපටයකි.

ඉන්දුනීසියානු ජාතික ධීවර පිරිසක් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූ ‘මාරියා’ බහු දින ධීවර යාත්‍රාවක සිය කර්මාන්තය සඳහා සයුර මැදට ගිය මිතුරන් පිරිසක් වූ ඔවුන් විවිධ ආගම් වලට අයත් පුද්ගලයන් ‍ය. ඔවුන් විලී, බෙනට්, ඇන්තනී, ඔස්කා, ඩයියා සහ ටෙනී නම් වේ. ඔවුන් එකිනෙකා ඉතා ආදරයෙන් සිය කර්මාන්තයේ නිරත වෙන අතර යාත්‍රාව පිටත් වීමට ප්‍රථම මාලන් නැමති තරුණයෙක් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට මෙම යාත්‍රාව තුළ සැගවී සිටී. ධීවරයන්ට ඔහුව හමුවන්නේ ගොඩබිම සිට දිගු දුරක් පැමිණි පසුවය. මහ මහුදේ පාවෙන සුරූපී බෝනික්කෙකු ඔවුන්ට හමුවන අතර ඔවුන් එය දෙවියන් විසින් දුන් තිළිණයක් සේ සලකා සියල්ලෝම බෝනික්කාට ආදරය කළහ. මේ සිදුවීමත් සමඟ එකිනෙකා තුළ තිබූ බැඳීම විශ්වාසය බිඳී එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වේ.

මේ තුළින් වෙනස් ආකාරයේ සිදුවීම් රැසක් නිර්මාණශීලිව අරුණ ජයවර්ධන මහතා සිනමා තීරයට ගොඩනගා ඇත. මෙහි තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන මහතා සිදුකළ අතර මෙය නිෂ්පාදනය කළේ ඉන්ද්‍රජිත් සිල්වා මහතාය මෙහි සහය අධ්‍යක්ෂණය දමින්ද මඩවල මහතා සිදුකළ අතර ‘මාරියා’ කැමරා අධ්‍යක්ෂණය කළේ චන්න දේශප්‍රිය මහතා විසිනි. ‘මාරියා’ වෙනුවෙන් තවත් දක්ෂ ශිල්පීන් රැසක් දායක වී ඇත.

මීට පෙර ද ‘මාරියා’ චිත්‍රපටයට රුසියාවේ Yalta Eurasian Bridge අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට හැකිවිය.

අරුණ ජයවර්ධන මහතාගේ ‘මාරියා’ ට උණුසුම් සුබපැතුම්!❤️

 

සටහන✍️ – Dinitha Jayarathna
Dinitha J Jayarathna#

dinithajayarathna

(උපුටාගැනීම – ෆේස්බුක් සටහනකි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article