Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

අයහපත් කලාගූණයෙන් දිවයින පුරා ජනතාවට පීඩා

Must read

දිවයින පුරා බලපෑ ඇති අයහප් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට පසු කදු කඩා වැටීම් ,නායයාම් හා ගංවතුර තත්වයන් වාර්ථා වෙමින් පවතී.

ඊයේ (30) දිනයේදී බදුල්ල පස්සර මාර්ගයට පස්කඳු හා ගල් කඩාවැටී මාර්ගය අවහිර වීම හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පවසයි. එමෙන්ම මඩොල්සිම  පිටමාරුවේ පස්කඳු කඩාවැටීම නිසා වාහන ගමනාගමනය සදහා බාධා මතුව ඇති බවද වාර්තා වෙයි.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පූනාගල අම්පිටිකන්ද වතුයායේ දැඩි නායයාමේ අවදානම් මතුවීම නිසා එම වතුයායේ පදිංචි පවුල් 28ක සාමාජිකයන් අනූවක් ඊයේ (30) හවස වතු නිවාසවලින් ඉවත් කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.අම්පිටිකන්ද වතුයාය මීරියබැද්ද නායයෑමට ලක්වූ ප්‍රදේශයට ඉතාමත්ම ආසන්නයෙන් පිහිටාඇති ප්‍රදේශයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article