අයවැය ජන්ද විමසීමේදී ජන්දය භාවිතා කරන ආකාරය පිලිබදව තීන්දුව හෙට පැවැත්වීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරයි.
එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම හා විපක්ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 4.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.