Saturday, November 23, 2024

අම්පාර දිස්ත්‍රික්කයේ අල්ලිමුල්ලෙයි ප්‍රදේශයේ නව හමුදා මුරපොළක් පිහිටුවයි

Must read

අම්පාරා දිස්ත්‍රික්කයේ නිනාවූර් ප්‍රදේශයේ අල්ලිමුල්ලෙයි  අසල මේ වනවිට නව හමුදා ස්ථිර මුරපොලක් පිහිටුවා තිබේ. හමුදා  භටයින් 15 කට වැඩි පිරිසක් බදාදා (17) දහවල් මෙම ප්‍රදේශයට පැමිණ නිනාවූර්  ප්‍රදේශයේ අල්ලිමුල්ලෙයි හන්දිය අසල ස්ථිර මුරපොලක් පිහිටුවා තිබේ. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා මෙම කඳවුර පිහිටුවා ඇති අතර, යුද හමුදා යතුරුපැදි බලකාය අම්පාරා දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල මුර සංචාරයේ යෙදී සිටියි. අද හමුදා භටයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාත්‍රියේදී තවත් සෝදිසි මෙහෙයුමක් පවත්වයි.

ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දිවා රෑ නොබලා වීදිවල සිටින සැකකරුවන්ගේ වාහන අත්හිටුවීමට හා පරීක්ෂා කිරීමේද ඔවුන් නිරතව සිටිති. කොරෝනා ව්‍යසනයෙන් පසු දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වන  ජාවාරම සහ බලපත්‍ර රහිත වැලි කැණීම් මැඩපැවැත්වීම මෙම පියවරේ අරමුණයි.

ඊට අමතරව මෙම නව හමුදා කණ්ඩායම් විසින්  කොරෝනා සෞඛ්‍ය පුරුදු අධීක්‍ෂණය කිරීම සහ  හිස් ආවරණ පැළඳීම ආදී  ආරක්‍ෂිත කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article