ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 26 වැනි එළි දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කර සිටියේ ජ.වි.පෙ පක්ෂ මූලස්ථානයේ දී අද(11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා සෞඛ්‍ය, පරිසරය, ජාතික ආරක්ෂාව, අධ්‍යයනය, යන සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබෙන බව හේරත් මහතා සදහන් කළේය.