Saturday, September 21, 2024

UN සැසිවාරය අමතමින් ජනාධිපති ගෙන් සහතිකයක් !

Must read

messenger sharing button
ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින් තිරසාර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට කැප වන බවට නිව්යොර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 78 වන සැසිවාරය අමතමින් ජනාධිපති වික්‍රමසිංහ සහතික විය.

ශ්‍රී ලාංකිකයන් සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින් ඒ ගමන යන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති වික්‍රමසිංහ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමැතීය.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය 18 වැනි දා ඇරැඹුණු අතර අද ( 21) සමුළුවේ අවසන් දිනයයි.

දේශගුණික විපර්යාස සහ වසංගත වැනි අර්බුද ශ්‍රී ලංකාව වැනි කුඩා ණයගැති රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සහ දේශගුණික ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමට බාධාවක් වන බව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පැවසීය.

ගෝලීය බලශක්ති ගැටුම් ආර්ථික අවිනිශ්චිතතාවයක් ඇති කරන අතර, සැපයුම් දාම කඩාකප්පල් කිරීම සහ ලොව පුරා උද්ධමනය, ආහාර සහ බලශක්ති අනාරක්ෂිතභාවය ඇති කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය

 දේශගුණික විපර්යාස අවම කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ ප්‍රතිඥා දුන්නේය.

COP27 හි දී, දේශගුණ අභිලාෂ සැලැස්ම එළිදැක්වූ අතර, 2030 වන විට මෙරට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම, වන ආවරණය 32% කින් ඉහළ නැංවීම, හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීම ඉලක්ක කර ගෙන තිබෙන බවත් 2040 වන විට ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වී 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනයට ළගා වීමට සැලසුම් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති වික්‍රමසිංහ තවදුරටත් ප්‍රකාශ කළේ, අයහපත් දේශගුණික බලපෑම් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව, ජලය සහ ගොවීන්ගේ ජීවනෝපාය කෙරෙහි බලපාන බවත්, පසුගිය වසරේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට එය බාධාවක් වූ බවත්ය.

දේශගුණික විපර්යාස සහ ණය බරින් පීඩාවට පත් වූ රටක් ලෙස දේශගුණික මූල්‍ය අවශ්‍යතාව දැඩිව දැනෙන නමුත් දේශගුණික මූල්‍යකරණය ශක්තිමත් කිරීමට ධනවත් රටවල් විසින් දුන් පොරොන්දු තවමත් ඉටු වී නොමැති බවද ජනාධිපතිවරයා පැවසීය.

 

theleader.lk

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article